සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන එක්දින තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 310 ක් ලබාගත්තා. හැමිල්ටන් මසකඩ්සා ලකුණු 111 යි. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 47 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.