එමා නිරුවත් උනාම කාටවත් ඇයි වේදනා පියයුරු දෙකක් පිහිටා තිබීම නිසා තමන්ට නිරුවත් වීමට ඇති අයිතිය අහිමි -එමා වොට්සන්
හැරී පොටර් චිත්‍රපටය හරහා ළමා නිළියක ලෙස ජනප්‍රිය වූ හොලිවුඞ් රංගන ශිල්පිනී එමා වොට්සන්ගේ පුද්ගලික ඡුායාරූප විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයට නිකුත්වීම ගැන ඇය නඩුවක් ගොනුකර තිඛෙනවා.
මේ වනතුරු ප්‍රසිද්ධ වී තිබුණේ ඒවා එමාගේ නිරුවත් ඡුායාරූප බවටයි. නමුත් එමාගේ කළමනාකරුවකු මාධ්‍යයට පවසා තිඛෙන්නේ ඒවා එමාගේ අසභ්‍ය ඡුායාරූප නොවන නමුත් ඇඳුම් අඳිනා අවස්ථාවක ගන්නා ලද ඒවා වන බවයි.
”මීට අවුරුදු දෙකකට පෙර එමා ප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පියකු සමග ඇඳුම්වල මිමි නිවැරදිදැයි පරීක්ෂා කරන වේලාවක ගතපු පින්තූර වගයක් තමයි හැකර්වරුන් අතට පත්වී තිඛෙන්නේ. නමුත් ඒ ගැන අපට වැඩිදුර කතා කිරීමෙන් වැළකී සිටින්න කියලා නීති උපදෙස් ලැබී තියෙනවා. ඒ නිසා මීට වඩා වැඩි යමක් කියන්න අපහසුයි, සමාවෙන්න.” යනුවෙන් ඔහු පවසා තිබුණා.
එමා වොට්සන් යනු මේ කාලයේ හොලිවුඩයේ නිතරම කියැවෙන නමක්. ළමා මට්ටමේ සහ ළමා චරිත අතර දෝලනය වෙවී හිටපු එමාට ඇය තාමත් ළමයෙක් නොවෙයි කියලා පෙන්නන්න පුළුවන් විදියේ හොඳ අවස්ථාවක් ලැබුණා. ඒ තමයි වැනිටි ෆෙයා ස`ගරාවේ කවරයේ ඡුායාරූපයට පෙනී සිටීමේ අවස්ථාව. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇය පසුගිය මාසයේ වැනිටි ෆෙයා කවරයේ ඡුායාරූපය සඳහා අඩ නිරුවත විනිවිද පෙනෙන ඇඳුමකින් පෙනී සිටියා. එමා ඒ පින්තූරවලට පෙනී සිට තිබුණේ මේ උදාන වාක්‍යය පවසමිනුයි.
‘අඩු තරමේ මේකෙන් පස්සෙවත් මම තවදුරටත් ළමයෙක් නෙවෙයි ගැහැනියක් කියන එක හැමෝම දැන ගනීවිනේ.’ ඇයට ඉක්මනින්ම ලොකු ගැහැනියක වන අවශ්‍යතාව ඇති බවට ඉ`ගිකර තිබුණේ එහෙමයි.
එමා වොට්සන් යනු කාන්තා විමුක්ති ක්‍රියාකාරිනියක්. පිරිමින් සඳහා ගැහැනු නිරුවත පෙන්වීම කාන්තා විමුක්ති ක්‍රියාකාරිනියකට නොහොබිනා වැඩක් බවට ලෝකයම ඇයට චෝදනා කළා. බොහෝ ස්ත්‍රීවාදීන් ස්ත්‍රී නිරුවත උත්කර්ෂයෙන් ඔසවා තබනවාට විරුද්ධයි.
නමුත් එමා වොට්සන් පවසන්නේ ගැහැනු සහ පිරිමි යනුවෙන් වන මිනිස් සිරුරේ වෙනස්කම් අනුමත කරන්නට අපි කාටත් සිදුවන බවයි. එමෙන්ම ඒ වෙනස්කමට ගරු කරන්නට ලෝකයා සමත්වනවා නම් බොහෝ දුරට ලිංගික ප්රචණ්ඩත්වය ලෝකයෙන් තුරන් වී යන බවයි.
පියයුරු දෙකක් පිහිටා තිබීම නිසා තමන්ට නිරුවත් වීමට ඇති අයිතිය අහිමි වී යනවාද යනුවෙනුත් ඇය තර්ක කරනවා. මතවාදීව සලකා බැලූ විට එය ඉතාම ප්‍රබල තර්කයක්. මේ අලකලංචි අතරේ ඇය රගන ඊැ්මඑහ ්බා එයැ ඉැ්ිඑ චිත්‍රපටය අධික ජනප්‍රසාදයක් ලබමින් තිරගත වනවා. මේ චිත්‍රපටයේ ර`ගපෑම වෙනුවෙන් ඇය ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අයකර තිබුණා.
මේ අති සාර්ථක ජනප්‍රියත්වය නිසා ඇයගේ වටිනාකම තවත් වැඩිවනු ඇතැයි බොහෝ දෙනා මත පළ කරනවා. 2017 වසරේ ඉහළම මිලට ලංසු වෙන නිළිය බවට එමා පත්වී අවසානයි. ඒත් එමාගේ වයස තවම අවුරුදු 26 යි
No comments:
Post a Comment